සනී ලියොන්ට තුරුලුවුණු පොඞ්ඩි යන්න බෑ කියලා



මුම්බායිහිදීය (එන්.ඩී.ටීවී.)

බොලිවුඞ් සරාගිනිය සනී ලියොන් වැළැඳ ගනිමින්, ඇයට තුරුල් වෙමින්, ඇය දමා යන්න ‘බෑ’ කී කුඩා දැරියක ගැන බොලිවුඞ් පුරයෙන් වාර්තා වෙයි.

මෙම කුඩා දැරිය සනී ලියොන් දැක ඇය වෙත පැමිණ ඇය වඩා ගන්නැයි කී පවසා ඇත. එම අවස්ථාවේදී ඇය ‘හරිම හුරතල්’ යැයි කියමින් සනී ලියොන් ද ඇය වඩා ගත්තාය.

දැරියගේ මාපියෝ ‘දැන් අපි යමු’ යැයි කීවත් දැරිය සනී ලියොන්ගෙන් වෙන් වීම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ නමුත් පසුව, දැරිය රටවා වඩා ගෙන යෑමට ඇයගේ මව සමත් වූ බව වාර්තා වේ.

මෙම සිද්ධියේ වීඩියෝ දසුන් සහ ඡායාරූප තම ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කිරීමට සනී ලියොන් කටයුතු කර ඇත. මෙය සිදුවූයේ පසුගිය අගෝස්තු 20 වැනිදා බව ද සනී ලියොන් වැඩි දුරටත් කියා සිටී.


RECOMMEND POSTS