විනෝද් ඛන්නා ගැන ඉෆ්රාන් ඛාන් කම්පා වෙලා



බොලිවුඞ් සිනමාවේ අසහාය නළු විනෝද් ඛන්නා ඉතා දුර්වල තත්ත්වයක සිටින ඡායාරූපයක් පසුගිය දා අන්තර් ජාලය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ එය දැක ඒ ගැන දැඩි ලෙස කම්පනයට පත්වුණු හොලිවුඩය ද ජයගත් බොලිවුඞ් නළු ඉෆ්රාන් ඛාන් පවසා ඇත්තේ අවශ්‍ය නම් විනෝද් ඛන්නා වෙනුවෙන් තම සිරුරේ ඉන්ද්‍රියන් පරිත්‍යාග කිරීමට පවා තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවය.

70 හැවිරිදි වියෙහි පසුවන විනෝද් ඛන්නා තම වීරයා බවත්, ඔහු බොලිවුඞ් සිනමාවේ නොමැකෙන අමරණීය චරිතයක් බවත් ඉෆ්රාන් ඛාන් වැඩි දුරටත් පවසා ඇත.

ඉෆ්රාන් ඛාන්ගේ එම ප්‍රකාශයට ස්තුති කරමින් විනෝද් ඛන්නාගේ පවුලේ අය පවසා ඇත්තේ විනෝද් ඛන්නා ජීවිත අවධානමක නැති බවත්, ඔහු විජලනයට ලක්වීමෙන් රෝහල් ගත කළ බවත්ය.

(ෆිල්ම්ෆෙයා ඇසුරිනි)

 


RECOMMEND POSTS