වික්ටෝරියා රැජිනගේ කතාව දැන් පුංචි තිරයේ
බ්‍රිතාන්‍යයේ අයිටීවී නාළිකාවේ විකාශනය වන නවතම රූපවාහිනී කතාමාලාව වන්නේ ‘වික්ටෝරියා’ ය. මේ වනවිට ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගෙන ඇති මෙම ‘වික්ටෝරියා’ කතා මාලාවට පාදක වන්නේ තරුණ වික්ටෝරියා රැජිනගේ කතාවය. මෙම කතා මාලාවේ වික්ටෝරියා රැජිනගේ චරිතයට පණ පොවන්නේ 30 හැවිරිදි ජෙනා කෝල්මන් ය.
ජෙනා බ්‍රිතාන්‍ය ප්‍රේක්ෂකයන් අතරේ පමණක් නොව ලොව පුරා කාගේත් අවධානය දිනා ගත්තේ ‘ඩොක්ටර් හූ’ රූපවාහිනී කතාමාලාවේ ඩොක්ටර් හූගේ සහායිකාව ලෙස කළ රංගනයෙනි.
වික්ටෝරියා රැජින ලෙස ජෙනා චරිත නිරූපණය කරද්දී, ඇගේ පෙම්වතා සහ පසුව සැමියා ද වන ඇල්බට් කුමරුගේ චරිතයට පණ පොවන්නේ ටොම් හියුස් ය. ඕපා දූප පුවත් සේවා පවසන්නේ ජෙනා සහ ටොම් සැබෑ දිවියේදී ද පෙම්වතුන් වී ඇති බවය. මාලා නාටකයේ රූ ගැන්වීම්වලදී හමුවූ මේ දෙදෙනාගේ ‘රහස්’ පෙම් හබයට දැන් වසරක් ගත වී ඇතැයි ද පැවැසෙයි.
‘වික්ටෝරියා’ කතා මාලාව ඬේසි ගුඞ්වින්ගේ නිර්මාණයකි. මෙය පළමුවෙන් විකාශනය ආරම්භ කළේ පසුගිය අගෝස්තු 28 වැනිදාය. වික්ටෝරියා රැජිනගේ චරිතය ඇසුරින් මීට පෙර, 2001 වසරේ දී ‘වික්ටෝරියා සහ ඇල්බට්’, 2009 වසරේ දී ‘ද යංග් වික්ටෝරියා’ ආදී වශයෙන් චිත්‍රපට එළි දක්වා ඇත. අයිටීවී නාළිකාවේ විකාශය වන ‘වික්ටෝරියා’ කතාමාලාව මේවනවිට අතිශයින් ජනප්‍රිය වෙමින් පවතින බව ද වාර්තා වේ.
ලුසිත ජයමාන්න