ලංකාවේදී සරණ ගිය බොලිවුඩ් නළුවා
ශ්‍රී ලංකාවේ නිවාඩුවක් සඳහා පැමිණි සිටි අතරවාරයේදී බොලිවුඩ් නළු අෆ්ටාබ් ෂිව්දාසනී සිය දිගුකාලීන පෙම්වතිය වූ නින් දුසාන්ජ් සමඟ හින්දු චාරිත්‍රානුකූලව විවාහ වී ඇතැයි බොලිවුඩයෙන් ආරංචි වේ.
ඔවුන් දෙපළ දිගු නිවාඩුවක් සඳහා පැමිණ සිටි අතරවාරයේදී තංගල්ල ප්‍ර දේශයේ පිහිටි අනන්තාරා නම් සුඛෝපභෝගී හෝටලයේ නවාතැන් ගෙන සිටි ඇති අතර එහි පරිසරය හා වටපිටාව පිළිබඳ සෑහීමට පත් වීමත් සමඟ ඔවුන් මෙලෙස චාරිත්‍රානුකූලව විවාහවී ඇත.
මෙම අවස්ථාවට අෆ්ටාබ් ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පවුලට සමීපතමයින් පමණක් මීට සහභාගී වීම විශේෂත්වයකි.දිගුකාලයක සිට පෙමින් බැඳුණු බොලිවුඩ් නළු අෆ්ටාබ් ෂිව්දාසනී සහ නින් දුසාන්ජ් 2014 වසරේ ජුනි 5 වැනිදා සිය විවාහය ලියාපදිංචි කළද මෙවැනි හින්දු චාරිත්‍රානුකූලව විවාහ උත්සවයක් ගෙන නැතැයි වාර්තාවේ.
අෆ්ටාබ් පසුගිය වසර කිහිපයේ බොලිවුඩයෙන් තරමක් ඈත්ව සිටියදී ග්‍රෑන්ඩ් මස්ති හින්දි චිත්‍රපටය හරහා නැවති සිනමා කරළියට පැමිණියේය.
( තිළිණි ද සිල්වා )
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.