මුස්ලිම් නිරූපිකාවක් මුල්වරට ‘ප්ලේබෝයි‘ සඟරාවේ



හිජාබය සහ කාමුකත්වයට සුප්‍රසිද්ධ ප්ලේබෝයි සගරාව එකට එක්වූ විට ඔබට දැනෙන්නේ කුමන හැගීමක්ද,එය කුමක් වුවත් නොගැපෙන දෙදෙනෙක්ගේ එකට එකතු වීමක් ගැන පසුගියදා අපට අසන්නට ලැබිණි.

ඒ ලෝක ප්‍රසිද්ධ වූත් , වැඩිහිටියන්ට සීමා වූ ඇමෙරිකාවේ 'Playboy' සඟරාව පළමුවරට හිජාබයකින් සැරසුණු මුස්ලිම් නිරූපිකාවකගේ ඡායාරූප පළ කිරීමට ගත් තීන්දුවත් සමගිනි. ඒ ඇමරිකානු පුරවැසි භාවය හිමි ලෙබනනයේ උපන් මුස්ලිම් මාධ්‍යවේදිනියක් වන නූර් තගූරි ගේ රුවෙනි.

තමා ගත් තීරණය තම ඉස්ලාම් ආගම තුළ අවදානම් ක්‍රියාවක් වුවද තමන් කාන්තාවක් ලෙසින් 'Playboy' සඟරාවේ ඔක්තෝබර් කලාපය සඳහා පෙනී සිටින්නේ 'ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජයේ පවතින පූර්ව නිගමන අභියෝගයට ලක් කිරීම සඳහා' බව ඇමරිකානු ජාතික මාධ්‍යවේදිනියක් වන නූර් තගූරි පවසන්නීය.

බටහිර විලාසිතාවට අනුව ටී ෂර්ටයක්, ඩෙනිම් කලිසමක් සහ ජැකට්ටුවකින් සැරසුණු නූර් තගූරි නිරුවත, විනීතභාවය පිළිබඳ හඬ අවදි කරන්නීය.

සුරූපී තරුණියන්ගේ අඩ නිරුවත් සහ නිරුවත් ඡායාරූප ඇතුළත්, අසැබි සඟරාවක් යැයි ලොව බොහෝ රටවල වාරණයට ද ලක් වුණු ‘ප්ලේබෝයි’ සඟරාවට පළමු වරට මුස්ලිම් ජාතික නිරූපිකාවකගේ ඡායාරූප ඇතුළත් වී තිබීම සුවිශේෂි කාරණයක් යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

මෙම තරුණිය 22 හැවිරිදි නූර් තගූරි වැඩිදුරටත් සදහන් කර සිටියේ කාමුකත්වය බර සගරාවක් වුවද පුළුල් පාඨක ප්‍රජාවක් අතරේ සැරිසර  ප්ලේබෝයි සගරාවෙන් මුස්ලිම් ජාතිකත්වය, හිජාබය සම්බන්ධයෙන් ඇති දුර්මත ඉවත දමනු ඇති බවය.විශේෂයෙන් මුස්ලමානු කාන්තාවන් හදින බුර්කාව තහනම් කිරීම ගැන නිරතරයෙන් මාධ්‍ය ඔස්සේ සෘණාත්මක ප්‍රවෘත්ති බලන අයට වඩාත් යහපත් පණිවිඩයක් දෙනු ඇති බවද ඇය කියා සිටියාය.

ඇය අවසානයේ මෙසේ කීවාය  “ හොදම දේ කරන්න. බියෙන් සැකෙන් තොරව ඉන්න. මතක තියාගන්න ඔබගේ සුව පහසු කලාපයෙන් පිටතදී මේ සෑම දෙයකටම ඉඩ තබා ගන්න...නූර් තගූරි මුස්ලිම් තරුණියන්ට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටින මානව කි‍්‍රයාකාරිනියක ලෙස ද ප්‍රසිද්ධියට පත් වී සිටින අයෙකි. ඇමෙරිකාවේ මේරි ලෑන්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය දැනට ඇමෙරිකාවේ ඒ.බී.සී සෙවන් රූපවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරන්නීය.

තිළිණි සිල්වා

(ඩේලි මේල් ඇසුරෙනි )


RECOMMEND POSTS