මගේ දරුවොත් මගේ අඩි පාරෙම යාවි - ෂාරුක් ඛාන්



තමන්ගේ දරුවෙකු තම අඩිපාරේ යනවාට ඕනෑම පියෙකුගේ බලාපොරොත්තුවයි. ලෝකයේම ජනප්‍රිය බොලිවුඞ් තාරුවක් වූ ෂාරුක් ඛාන් ගේ සිහිනයද එයමය. තිදරු පියෙකු වන ෂාරුක් ගේ අලුත්ම බලාපොරොත්තුව වී ඇත්තේ සිය දෙටු පුත් වන ආර්යයන් හට සිනමා රංගනය ගැන සුපිරි ඉගැන්වීම් ලබා දීමටය.

ඒ වෙනුවෙන්ම ෂාරුක් සිය බිරිය ගෞරි ඛාන් ,දරුවන් තිදෙනා රැගෙන ඇමෙරිකාව බලා පිටත් වූයේ ආර්යන්ට රංගන පිළිබඳ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සුදුසු විශ්ව විද්‍යාලයක් සොයා ගැනීමේ අටියෙනි. ඒ බලාපොරොත්තුව තරමක් සඵල කරමින් ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් සිනමා රංගනය පිළබඳ හැදෑරීම් කිරීමට සුදුසුම ස්ථානය බවට තෝරා ගෙන ඇත.

මේ ගැන ෆිල්ම්ෆෙයාර් සඟරාවට අදහස් දක්වමින් ෂාරුක් කියා සිටියේ මම ආර්යන් ට හැම අවස්ථාවකදීම විවිධ ආකාරයේ චිත්‍රපට පෙන්වනවා. ඒවා හින්දි ,ඉංග්‍රීසි කියා බේදයක් නැහැ.මොකද ආර්යයන් දැන් සිනමා රංගනය ගැනයි හදාරන්නේ. නමුත් අන්ටචබ්ල්ස් , ගුඞ් ෆෙලාස්  සහ මයිකල් ඩග්ලස් රඟපෑ ෆෝලින් ඩවුන් වැනි විශිෂ්ඨ ගණයේ චිත්‍රපට නිරන්තරයෙන් නරඹන්න දෙනවා වගේම මම සහ දිලිප් කුමාර් රඟපෑ දේව්දාස් , ෂෝලේ සහ දෝ ආකේන් බරාත් හාත් වැනි විශිෂට ගණයේ හින්දි සිනමා කෘතීන්ද නැරඹීමට ආර්යන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

මගේ ළමයි කවදහරි මගේ අඩිපාරේ යාවි. මම කවදාත් මගේ උසස් අධ්‍යාපන කටයුතු මඟ නැවැත්තුවේ නැහැ. මම වගේ ඔවුනුත් රංගන ශිල්පීන් වුනාට කමක් ඒ ආකාරයෙන්ම ඔවුන් තමන්ගේ අධ්‍යපන කටයුතු කරගත් පසුව. ඊට පස්සේ ඔවුන් මොන තීරණයක් ගත්තත් කමක් නැහැ

තිළිණි ද සිල්වා (ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි.)


RECOMMEND POSTS