බොලිවුඞ් නළු ඉර්ෆාන් ඛාන් සමුගනී



බොලිවුඞ් නළුවකු පමණක් නොව හොලිවුඞ් නළුවකු ද ලෙස ජනප්‍රිය 53 හැවිරිදි ඉර්ෆාන් ඛාන් අද (29) දිවියෙන් සමුගත් බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

ඉර්ෆාන් ඛාන් පිළිකාවකින් පීඩා විඳින අයෙකි. ඒ, 2018 වසරේ සිටය. පසුගිය කාලයේ ලන්ඩන් නුවරදී පිළිකාවට ප්‍රතිකාර කළ ද එය හිටිහැටියේ උත්සන්න වී ඊයේ (28) ඔහු මුම්බායි කොකියාබෙන් අම්බානී රෝහලට ඇතුළත් කළේය.

ඉර්ෆාන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී ඉර්ෆාන් ඛාන් දිවියෙන් සමුගත් බවබිරිඳ සුතාපා සිකාදර් පවසා තිබේ.

ඉෆ්රාන්ගේ 95 හැවිරිදි මවගේ අභාවය ද පසුගිය සෙනසුරාදා දිනයේ ජායිපූර්හි සිදුවිය. ඉෆ්රාන්ගේ රෝගී තත්ත්වය හදිසියේ උත්සන්න වී ඇත්තේ මවගේ අවමංගල කටයුතු අවසන් කර ආපසු මුම්බායි පැමිණෙද්දීය.

බොලිවුඞ් සිනමා නිර්මාණ රැසක පමණක් නොව, ‘ලයිෆ් ඔෆ් පයි’, ‘ජුරාසික් වර්ල්ඞ්’ වැනි දැවැන්ත හොලිවුඞ් සිනමා නිර්මාණවලට ද ඉර්ෆාන් ඛාන් රංගනයෙන් එක් වී ඇත.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS