බෙන් ඇෆ්ලික් බැට්මෑන් චරිතයෙන් සමුගනී
ඩී.සී. චිත්‍රකතා වීරයකු වන බැට්මෑන්ගේ චරිතය ලොකු කුඩා කා අතරේත් ජනප්‍රියයි. කෝටිපති ව්‍යාපාරික බෲස් වේන්, බැට්මෑන් ලෙස අයුක්තිය අසාධාරණයට එහෙිව නැගී සිටීමේ වික්‍රම ඇසුරින්, චිත්‍රපට, කාටූන්, රූපවාහිනී මාලා නාට්‍ය නිර්මාණය වී ඇත.
අධ්යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ‘බැට්මෑන්, ‘ද ඩාර්ක් නයිට්’, ‘ද ඩාර්ක් නයිට් රයිසස්’ චිත්‍රපට ත්‍රිත්වය අතිශයින් ජනප්‍රිය වූ විචාරක පැසැසුමට ද ලක් වුණු බැට්මෑන් චිත්‍රපට මාලාවකි.
එම චිත්‍රපටවලින් පසු, ‘බැට්මෑන් වර්සස් සුපර්මෑන්’, ‘ජස්ටිස් ලීග්’ පමණක් නොව ‘සුවසයිඞ් ස්කොඞ්’ චිත්‍රපටයේ ද බැට්මෑන් ලෙස චරිත නිරූපණය කළේ ජනප්‍රිය නළුවකු පමණක් නොව, අධ්යක්ෂවරයකු ද වන බෙන් ඇෆ්ලික්ය.
ඉදිරියේ දී ‘බැට්මෑන්’ චිත්‍රපට සඳහා බෙන් ඇෆ්ලික් එක් වනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව විය. කෙසේ නමුත් බෙන් ඇෆ්ලික් පසුගිය දා නිල වශයෙන් නිවේදනය කළේ තමන් යළි බැට්මෑන්ගේ චරිතයට පණ පොවන්නේ නැති බවය. ඊට හේතුව, ‘ජස්ටිස් ලීග්’ චිත්‍රපටයේ අසාර්ථකත්වය යැයි ද බෙන් ඇෆ්ලික් පෙන්වා දී ඇත.
කෙසේ නමුත් 2021 දී බැට්මෑන් චිත්‍රපටයක් රිදී තිරයට පැමිණෙන්න නියමිතය. එය අධ්‍යක්ෂණය කරනුයේ මැට් රීව්ස්ය. එහි බැට්මෑන්ගේ චරිතයට නළුවකු තෝරා ගැනීම මේ වනවිට සිදුවෙමින් පවතී. අර්නි හැමිල් පමණක් නොව, නික් ජෝනාස් පවා බැට්මෑන්ගේ චරිතයට පණ පෙවීමට කැමැත්ත පළ කර ඇතැයි හොලිවුඩයෙන් වාර්තා වේ.
(ඩෙඞ්ලයින් ඇසුරිනි)