බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති කැමරන් මුහුදු වෙරළේ නිවාඩුවකට ගිහිල්ලා



 

 

ලන්ඩනයේදීය (ඬේලිමේල් ඇසුරිනි)

බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉවත වී බිරිය සමන්තා සමඟ විවේකීව සිටින ඬේවිඞ් කැමරන් කෝර්වෝල් වෙරළේ මාළු සැන්ඞ්විච් සහ බැදපු අල පෙති රස බලන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය පසුගියදා ප්‍රසිද්ධියට පත් කර තිබුණි.

කෝර්වෝල් වෙරළ කැමරන්ගේ ප්‍රියතම නිවාඩු නිකේතනයක් යැයි ඬේලිමේල් පුවත් සේවය වාර්තා කර තිබුණි. මේ  අතර කැමරන් අගමැති ධුරයෙන් ඉවත් වීමෙන් පසු, එම ධුරයට පත් තෙරේසා මේ, ඇගේ සැමියා පිලිප්ස් සමඟ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ නිවාඩුවකට ගොස් සිටින ඡායාරූප පෙළක් ද ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත් කර තිබුණි.


RECOMMEND POSTS