ප්‍රියංකා චොප්රා සරණාගතයෙක් වෙලා



මේ වන විට බොලිවුඩ් මෙන්ම හොලිවුඩ් නිළියක් බවට ද පත්ව සිටින ප්‍රියංකා චොප්රා හට නිරූපණ ලෝකයේ ඇති ඉල්ලුම අතිශයෙන් ඉහළය. පසුගියදා ද ඇය ‘Conde Nast Traveller’ සඟරාවේද පෙනී සිටියාය.

එහිදී ප්‍රියංකා හැඳ සිටි ටී ෂර්ට් එක හේතුවෙන් ඇයව මේ වන විට ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ දරුණු විවේචන වලට ලක්ව තිබේ.

එහි refugee (සරණාගතයා), immigrant (සංක්‍රමණිකයා), outsider (පිටස්තරයා) යන වචන තනි ඉරකින් කපා traveller (සංචාරකයා) පමණක් ඉතිරි කර ඇත්තේ ප්‍රියංකා සංචාරකයෙකු බවට ඒත්තු ගැන්වීමට මෙනි.

ප්‍රියංකා මෙම ඡායාරූපය ඇයගේ ට්විටර් ගිණුමේද පළ කර තිබේ.කෙසේ වෙතත්, බොහෝ ට්විටර් පරීශිලකයන් ආවේගශීලී ලෙස අදහස් දක්වා ඇත්තේ සරණාගතයෙකු වීම පුද්ගලයෙකු විසින් තෝරාගත් තත්ත්වයක් නොවන බවත්, එලෙස ඒත්තු ගැන්වමින් ප්‍රියංකා සමාජයට දෙන පණිවිඩ ඉතාම අහිතකර බවත්ය.

( තිළිණි සිල්වා )

ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි ...


RECOMMEND POSTS