නත්තල් සීයා වෙනුවෙන් හලෝ කියලා



නත්තල් සීයා වෙනුවෙන්, පොඩිත්තන් අසල ප්‍රශ්නවලට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ආර්යාව මෙලානියා ට්‍රම්ප් පිළිතුරු දුන්නේය.

නත්තල් සීයා වෙනුවෙන් නත්තල් සමයේ දරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරුදීමේ වැඩසටහනක් ඇමෙරිකාවේ පැවැත්වෙයි.

එම වැඩසටහන මෙහෙයවීම කරන්නේ නොරාඞ් ආරක්ෂක ආයතනයේ මැදිහත් වීමෙනි. නොරාඞ් යනු ‘නොරාඞ්’ හෙවත් උතුරු ඇමෙරිකා ගුවන් සීමා ආරක්ෂක ආයතනයයි.

නොරාඞ් ආයතනය සෑම වසරකම නත්තල් දිනට පෙර දා ඇමෙරිකා ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව ඔවුන්ගේ වැඩසටහනට සම්බන්ධ කර ගනී. එය ඇමෙරිකාවේ සම්ප්‍රදායක් වී ඇතැයි ද පැවැසෙයි.

ධවල මන්දිරයේ, ඉතා අලංකාර ලෙස සැරැසූ දැවැන්ත නත්තල් ගස් දෙකක් සහ ගිනිමැලයක් ඉදිරියේ සිට ජනාධිපති ට්‍රම්ප් සහ මෙලානියා පොඞ්ඩන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්හ. මෙලානියාට එය විනෝදයක් වූ නමුත් ට්‍රම්ප් පොඞ්ඩන් අසන ප්‍රශ්නවලින් සතුටට පත් වූ බවක් දක්නට නොලැබුණැයි මාධ්‍ය වාර්තා පවසයි.

අවුරුදු 7 ක් වයසැති කෝල්මන් නැමති පොඞ්ඩෙක් ලබා දුන් දුරකතන ඇමැතුමට පිළිතුරු දුන් ට්‍රම්ප් පෙරළා එම පොඞ්ඩාගෙන් විමසා ඇත්තේ ‘ඔයාට දැන් අවුරුදු 7 යි. ඔයා ලොකු ළමයෙක්. තවමත් නත්තල් සීයා ගැන විශ්වාස කරනවාද?’ යනුවෙනි.

බටහිර රටවල පොඞ්ඩෝ බොහොමයක් නත්තල් සීයා ගැන විශ්වාස කරති. ට්‍රම්ප් මේ අයුරින්, කෝලමන් නමැති පොඞ්ඩා තුළ නත්තල් සීයා සම්බන්ධයෙන් සැකයක් ඇති කිරීම ගැන බොහෝ දෙනාගේ නොසතුටට හේතුවක් වී තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS