ට්‍රම්ප් හමුවුණු සරාගිනිය



ලෝ ප්‍රකට, ඇමෙරිකා සරාගී රියැලිටි නිළි කිම් කාඩෑෂියන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ හමුවක්, ධවල මන්දිරයේදී පැවැත්විණි.

කිම් කාඩෑෂියන් සහ ට්‍රම්ප් අතර මෙම හමුව පැවැත්වූයේ පෞද්ගලික කාරණාවක් මුල්කොට ගනිමිනි.

කිම් කාඩෑෂියන්ගේ 63 හැවිරිදි මිත්තණිය ඇලිස් මේරී ජොන්සන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වී, ජීවිතාන්තය තෙක් සිර දඬුවම් විඳිමින් සිටින්නීය.

කිම් කාඩෑෂියන් ට්‍රම්ප් හමුවීමට ගියේ, ඇගේ මිත්තණියට සමාව ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.
කිම් කාඩෑෂියන්, ට්‍රම්ප් හමුවීමට පෙර, අවස්ථා ගණනාවකදී ට්‍රම්ප්ගේ බෑණා ජෙරාඞ් කුෂ්නර් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. සිරකරුවන්ට සමාව ලබා දීමේ නව වැඩසටහනක්, ජෙරාඞ් කුෂ්නර්, විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

ඊට ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය පවා මේ වනවිට හිමිවී ඇති බව පැවැසෙයි. ට්‍රම්ප් දියණිය ඉවන්කාගේ සැමියා වන ජෙරාඞ් කුෂ්නර්, ට්‍රම්ප්ගේ උපදේශකවරයකු ද වෙයි.

කිම් කාඩෑෂියන් හමුවුණු අවස්ථාවේ, ඕවල් කාර්යාලයේ සිට ඇය සමඟ ඡායාරූප ගෙන ඒවා ට්විටර් සමාජ ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට ට්‍රම්ප් අමතක නොකළේය. ඇය හමුවන්න ලැබීම සතුටක් බව ට්‍රම්ප් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS