ට්‍රම්ප් මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ



 
ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියා ජනපදයේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලකට ගොස් පැය කීපයක් එහි සේවකයකු ලෙස කටයුතු කළේය.
 
ට්‍රම්ප්, මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ මුළුතැන්ගෙට ගොස් අල පෙති බදිමින්, මස් පිසිමින්, බර්ගර් සකස් කළේ, අවන්හලේ සේවක සේවිකාවන් සමඟ විනෝද වෙමිනි.
 
මාධ්‍යවේදීන් පිරිසක් ද අවන්හලට පැමිණ සිටි අතර, ඔවුන් අසලට ගොස් ඔවුන්ට අවශ්‍ය දේ සොයා බලා ඔවුන්ට සංග්‍රහ කළේ ද ට්‍රම්ප්ය.
 
ඊට අමතරව, මැක්ඩොනල්ඩ් බර්ගර් ඇණවුම් කළ අයට ඒවා ලබා දීම කළේ ද ට්‍රම්ප්ය. පෙර ඇණවුම් කර ආහාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් ට්‍රම්ප් දැක පුදුම වී, ඔහු සමඟ කතාබහ කළ බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
 
ට්‍රම්ප්, මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ සේවයට ගියේ, සිය මැතිවරණ කටයුතු සඳහා ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ ද අරමුණින්ය. ඊට අමතරව, ට්‍රම්ප් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් විවේචනය කිරීමට ද අමතක නොකළේය.
 
පසුගිය දා දේශපාලන වේදිකාවේදී කමලා හැරිස් පවසා තිබුණේ තමන් උසස් පාසල් සිසුවික වී සිටිද්දී, අධ්‍යාපන කටයුතු අවසන් වී මැක්ඩොනල්ඩ්ස් අවන්හල අර්ධ කාලීනව රැකියාව කළ බවත්, වැඩ කරන ඇමෙරිකානුවන්ට තමන් වඩා සමීප බවත්ය.
 
ට්‍රම්ප් පැය කීපයක් සඳහා මැක්ඩොනල්ඩ්ස් අවසන්හලේ සේවයට ගියේ, කමලා හැරිස්ගේ ප්‍රකාශය බොරු බවත්, තමන් දන්නා පරිදි කමලා හැරිස් කිසිම මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ සේවය කර නොමැති බවත් අවධාරණය කරමිණි.

RECOMMEND POSTS