ට්‍රම්ප්ගේ බිරිය මියගියේ තරප්පු පෙළෙන් වැටිලා



හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ ඉවානා මියගියේ, තරප්පු පෙළකින් ඇද වැටී ලැබූ තුවාල හේතුවෙන් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

73 හැවිරිදි ඉවානාගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් ද පැවැත්වුණු අතර නිව්යෝක් නුවර වෛද්‍ය පරීක්ෂක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මරණයට හේතුව පපුවට සිදුවුණු තැලීම් තුවාල බවය.

ඉවානා ජීවත් වූයේ නිව්යෝක් නුවර මහල් නිවාසයකය. ඇය ඇද වැටී ඇත්තේ ද එම නිවාසයේ තරප්පු පෙළින් යැයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.

ඉවානා චෙකොස්ලොවේකියානු කාන්තාවක වන අතර, ට්‍රම්ප් සමඟ විවාහ වූයේ 1977 වසරේදීය. දෙදෙනා වසර 15 කට පසු දික්කසාද වූයේ 1992 වසරේදීය. ඉවානාගේ මරණය සිදුවූයේ පසුගිය 15 වැනිදාය.

(රොයිටර්)

 


RECOMMEND POSTS