ජාත්‍යන්තරය දිනූ ලාංකීය ලේඛිකාව
අමන්දා ජයතිස්ස යනු ලාංකීය ලේඛිකාවකි. ඇය අප රටට කීර්තියක් අත්කර දෙමින් ජාත්‍යන්තර සම්මානයකින් ද පිදුම් ලබා සිටී. ඒ ඇය විසින් රචනා කරන ලද ‘My Sweet Girl’ නම් කෘතිය වෙනුවෙනි.
ඇය විසින් දිනා ගනු ලැබුවේ නිව්යෝක් පැවති 2022 ජාත්‍යන්තර ත්‍රාසජනක ග්රන්ථ රචකයින්ගේ සම්මාන උළෙලේදී හොඳම පළමු නවකතාවට ( ‘Best First Novel’ ) හිමි සම්මානයයි.
“මගේ සුන්දර රට ශ්‍රී ලංකාව මේ වන විට ඉතා දුෂ්කර කාලයක් ගත කරමින් සිටින අතර ඔබ එතැනින් පොතක් තේරීම මට ලෝකයක් ලැබුණා හා සමානයි ” යනුවෙන් ඇය සම්මානය ලබාගත් අවස්ථාවේ අදහස් දක්වා තිබේ.