කේ.කේ. සමුගනී



ඉන්දියාවේ සුපිරි ගායක ක්‍රිෂ්නකුමාර් කුන්නත් හෙවත් ‘කේ.කේ. අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

53 හැවිරිදි කේ.කේ. කල්කටා නගරයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර රෝගී වී, කල්කටා රෝහලට ඇතළත් කිරීමෙන් අනතුරුව මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ.

ඊයේ (31) රාත්‍රී 8.30 පමණ වනතෙක් කල්කටාවේ නස්රුල් මන්චා ශ්‍රවණාගාරයේ පැවති සංගීත සංදර්ශනයට සහභාගී වූ ක්‍රිෂ්නකුමාර් කුන්නත් හදිසියේ රෝගාතුර වී, ඔහු රැඳී සිටි හෝටලය වෙත රුගෙන එනු ලැබුණි.

හෝටලයට පැමිණීමෙන් පසු අසනීප තත්ත්වය උග්‍ර වූ බැවින්  ඔහු කල්කටා රෝහලට ඇතළත් කළ බව ඔහුගේ කළමනාකරු මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ක්‍රිෂ්නකුමාර් කුන්නත්ගේ මරණය සම්බන්ධයෙන් ඉන්දීය නළුවන්, දේශපාලකයින්, ගායකයින් සහ රසික රසිකාවියන් ද ඇතුළු බොහෝ දෙනකු සොව පළ කර තිබේ. පොලිස් ගෞරව මැද ක්‍රිෂ්නකුමාර් කුන්නත්ගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 

(රොයිටර්)


RECOMMEND POSTS