ඉලේනා ඩි කෘෘස් නඩු මගට
මීට වසර 14කට පෙර ‘ආන්ඛේන්’ නමින් චිත්‍රපටයක් තිරගත වුණා. එහි ප්‍රධාන චරිත රඟපෑවේ අර්ජුන් පරේශ් රාවල්, ආක්ෂේ කුමාර්, අමිතාබ් භච්චන් සහ සුශ්මිතා සෙන්. මෙහි දෙවැනි කොටස ලෙසින් ‘ආන්ඛේන් – 2’ යනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙහි රූගත කිරීම් ලබන මාසයේ ආරම්භ කිරීමටත් ලබන වසරේ ඔක්තෝබර් මාසයේ දීපාවලී උත්සව සමයේදී තිරගත කිරීමටත් තීරණය වෙලා.
‘ආන්ඛේන් – 2’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණයට අමිතාබ් භච්චන්, අනිල් කපූර්, අර්ජුන් රම්පාල්, අර්ශාද් වාසි සහ යොවුන් නිළි ඉලේනා ඩි කෲස් ද තෝරාගෙන ඇති බව පසුගියදා ප්‍රකාශ කෙරුණා. මේ නළු නිළි ලැයිස්තුවට තමන්ගේ නම ඇතුළත් කර ඇත්තේ කිසිදු දැනුම් දීමකින් තොරව බවයි මේ ප්‍රකාශයත් සමඟ කෝපයට පත්වූ ඉලේනා ඩි කෲස් වහාම කියා සිටියේ. ‘ආන්ඛේන් – 2’ චිත්‍රපටයේ රඟපෑමට තමන් මෙතෙක් එකඟතාව පළකර නැතැයි පසුගියදා ඇය ට්විටර් පිටුවෙහි ද සඳහන් කළේ “හැමෝම මේ ගැන මගෙන් අහනවා. මම ‘ආන්ඛේන් – 2’ චිත්‍රපටයේ රඟපාන බවට මේ දක්වා කිසිම ගිවිසුමක අත්සන් කර නැහැ.”
ඉලේනා එම ප්‍රකාශයෙන් පසුව නිහඬව සිටියේ නැහැ. චිත්‍රපටයේ නිෂ්පාදක ගෞරන් ඩෝෂිට එරෙහිව නඩු මඟටත් පිවිසෙන්නට ලකලැහැස්ති වන බවයි පැවසෙන්නේ. ගෞරන්, මාධ්‍යයන් වෙත ප්‍රකාශ කළේ ‘ආන්ඛේන් – 2’ චිත්‍රපටයේ මූලික කතාබහ සිදුවූ අවස්ථාවලදී එහි රඟපෑමට ඉලේනා තමන්ගේ එකඟත්වය වාචිකව පළ කළ බවයි.
ඉලේනා මේ අයුරින් කේන්ති ගන්නේ ඇයිදැයි මේ අතර සමහරුන් ප්‍රශ්න කරනවා. මෑතකදී තිරගත කිරීම ඇරැඹු ‘රස්ටම්’ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නේ ඉලේනායි. ඒ චිත්‍රපටය දැන් සාර්ථකව තිරගත වන නිසා එහි ‘රස්නය’ ඉලේනාට තදින්ම වැදී ඇති නිසා ඇය මෙලෙස කලබල වීදැයි තවත් සමහරු විමසනවා.
ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි
තිළිණි ද සිල්වා