අහිංසක නැහැ නපුරුත් නැහැ



516619164_747273891214786_860838833478012266_n

ඉමා වීරසූරිය පුංචි තිරයේ ජනප්‍රිය නිළියකි. ඇය රංගනය පිවිසියේ 2015 ස්වර්ණවාහිනී ස්වර්ණ කුමරිය තරගයෙන් ස්වර්ණ කුමරිය වෙමිනි. වේදිකාවෙන් රංගනය ආරම්භ කළ ඇය අද වනවිට ජනප්‍රිය නාළිකා රැසක ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසකට දායක වී සිටී. 

480644854_641732705102239_6896711458646814699_n
ඉමා ගැන විස්තර කියමුද?
මාගේ පදිංචිය රඹුක්කන. සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංගකලාව පිළිබඳ විශේෂ උපාධිය හදාරලා මේ වෙද්දි වෘත්තීමය රංගන ශිල්පිනියක විදිහට කටයුතු කරනවා. නාට්‍යය හා රංගකලා උපාධිය හදාරන අතරතුර වේදිකා නාට්‍යයවල රඟපාන්න අවස්ථාව ලැබුණා. වේදිකා නාට්‍ය නිළියක් විදිහට ප්‍රසිද්ධ වීමත් සමග ටෙලි නාට්‍යවලින් ආරාධනා ලැබුණා. 
502581665_732996762642499_5999642951717618785_n
481915371_652439370698239_6334213401859215799_n
480006200_641103601831816_5497277098479006956_n
පාසල් කාලේ ඉමා කොයි වගේද? 
අහිංසක නැහැ. හැබැයි නපුරුත් නැහැ. හොඳට හොඳයි. නරකට නරකයි. එහෙම නැතුව මේ සමාජයේ ජීවත් වෙන්න අමාරුයි. මම පාසල් කාලේ ඒ තරම් සමාජශීලී ළමයෙක් නෙමෙයි. අපේ පාසලේ නාට්‍ය ගුරුතුමා සරත් චන්ද්‍රවංශ සර් තමයි මාව නාට්‍යවලට, නාට්‍ය තරගවලට ඇදගෙන ගිහිල්ල වේදිකාව උඩ හිටගන්න හොඳ පෞරුෂයක් හැදුවේ. මට කලාවට ආසාව ඇතිවුණේ එතැනින්. එතුමාව මේ වෙලාවේ ආදරයෙන් සිහි කරනවා. 
481165286_2478223175849095_8703823845822388086_n
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය? 
මගේ තාත්තා නැහැ. අම්මයි මල්ලියි මගේ බලු පැටියා ෂැඩෝ එක්ක තමයි මම ජීවත්වෙන්නෙ. ඉතින් ඉස්සර ඉඳලා අම්මගෙයි තාත්තගෙයි තිබුණ හීනයක් තමයි මාව කලාකාරීනියක කරන්න. ඔවුන්ගේ හීනය සැබෑ කරන්න තමයි මම නාට්‍ය හා රංගකලා විශේෂ උපාධිය හදාරලා වෘත්තීමය රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්නෙ. 
489017083_2515751235429622_301182960022776646_n
488908643_2515751158762963_5056734007129059217_n
558412967_829649712977203_3434875631993098376_n
488505986_676125861662923_2483725425862251785_n
සංගීතේ පොඩ්ඩි වුණු හැටි කියන්න
දෙරණ නාලිකාවේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ සර් තමයි සංගීතේ ටෙලි නාට්‍යයේ පොඩ්ඩිගේ චරිතයට මට ආරාධනා කෙරුවෙ. මීට කලින් පොඩ්ඩිගේ චරිතය රඟපාපු නිළිය අයින් වුණ නිසා සංගීතේ ටෙලි නාට්‍යයෙනුත් පොඩ්ඩිගේ චරිතය අයින් කරලා තිබුණෙ. ඉතින් ලක්සිරි සර් මට කතාකරලා කිව්වා පොඩ්ඩිගේ චරිතය වෙනස් විදිහට ආපහු ටෙලි නාට්‍යයට එකතු කරනවා මට චරිතය රඟපාන්න භාරගන්න පුළුවන්ද කියලා. ඉතින් ලක්සිරි සර්ගේ ආරාධනයෙන් අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් අයියගේ උපදෙසුත් ඇතුව සංගීතේ පොඩ්ඩි වුණා. 
625691428_912182331390607_8851965814727246978_n
625112493_912182251390615_3525953592620808044_n
624989284_912182138057293_5833103573712946271_n
625015622_912182218057285_7255509053293222875_n
ටෙලි නාට්‍ය නිසා වේදිකාව මගහැරේවිද?
රංගන ජීවිතයේ ආරම්භය වේදිකාව. මේ වෙද්දිත් වේදිකාව එක්ක වැඩ කටයුතු කරගෙන යනවා. පහුගිය දවස්වල තිබුණ යෞවන නාට්‍යය සම්මාන උළෙලෙදි චමෝදි දයාවංශ අධ්‍යක්ෂණය කරපු මං ඇතුළෙ ඝාතකයෙක් කියන වේදිකා නාට්‍යයේ කරපු රංගනය වෙනුවෙනුත් මට හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුණා. ටෙලි නාට්‍යය නිසා මම කවදාවත් වේදිකාවට තියන ඉඩ නැති කරගන්නෙ නැහැ. සමබරව චරිතාංග වේදිකා නාට්‍යය සහ ටෙලි නාට්‍ය නිළියක් විදිහට කටයුතු කරගෙන යන්නයි මගේ බලාපොරොත්තුව. රංගනය වෘත්තිය කරගන්නවාට අම්මා කැමති වෙයි කියලා මම හිතන්නේ නැහැ. 
471572171_18434859766075110_2622941476167874098_n
471626268_18434859814075110_7789765519382367627_n
ආදරය ගැන මොකද හිතන්නෙ?
ආදරය කියන්නෙ ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි ලස්සන හැඟීමක්. හැම වයසකදිම අපි ආදරය බලාපොරොත්තු වෙනවා වගේම ආදරණීයන් එක්ක ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. මම ආදරයත් විඳලා තියනවා. විරහවත් විඳලා තියනවා. මනුෂ්‍ය ජීවිතයේදි ආදරය වගේම විරහා වේදනාවත් හරි සුන්දර දෙයක්. සැබෑ ජීවිතයේ මම කාටවත් කරදරයක් නැතුව සරලව පාඩුවෙ ජීවත්වෙන්න කැමැති කෙනෙක්.
 
ඡාායරූප - මුහුණු පොතෙන්

RECOMMEND POSTS