අවදානය දිනූ නවසීලන්ත පොඩ්ඩෝ දෙන්නා



මෙම ජුනි මාසයේ, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ අමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍රකොට ගනිමින්, ආරම්භ වීමට නියමිත ක්‍රිකට් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගි වන නවසීලන්ත කණ්ඩායම නම් කිරීම සිදුවිය. ඒ, අපූරු ආකාරයකටය. 

නායක කේන් විලියම්සන්, සුපිරි පන්දු යවන්නන් වන ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති වැනි ලෝක කුසලාන ගණනාවක් ක්‍රීඩා කර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතවිත වූ සංචිතයට වඩා, පැය කිහිපයක් තුළ ජනප්‍රියත්වයට පැමිණියේ එම සංචිතය පිළිබඳ ලොවට  නිවේදනය කළ නිවේදකයන් දෙදෙනය.

නවසීලන්ත ක්‍රිකට් සංචිතය ලොවට හෙළි කළේ පාසල් දැරියක සහ දරුවෙකි. මැටිල්ඩා සහ ඇන්ගස්ට යන ඔවුන් දෙදෙනා නවසීලන්තය නියෝජනය කරමින් ලෝක කුසලානය ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පහළොස් දෙනා නම් කළ ආකාරයත්, ඔවුන් නම් කිරීමෙන් අනතුරුව පැමිණි මාධ්‍යවේදීන් අමතමින්, ‘මොනවා හරි ප්‍රශ්න තිබෙනවා ද?’ යන්න අසන එම වීඩියෝ පටය මේ වනවිට ලොව පුරා අතිශය ජනප්‍රිය වී ඇත.


RECOMMEND POSTS