ජෝර්දාන සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි



'කොවිඩ් 19' ආසාදිත රෝගීන් ප්‍රතිකාර ලබන, රජයේ රෝහලක ඔක්සිජන් හිගවීමෙන්, රෝගීන් මියයෑමේ සිදුවීම ගැන කනගාටුව පළ කළ ජෝර්දාන සෞඛ්‍ය ඇමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

සෞඛ්‍ය ඇමැති නටීර් ඔබිදාත්, සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ, අම්මාන් අගනුවර සිට, කිලෝ මීටර් 20 ක් පමණ දුරින් පිහිටි, අල් සාල්ත් නගරයේ රජයේ මහ රෝහලේ ඔක්සිජන් හිඟවී සිදුවුණු රෝගීන් 7 දෙනකුගේ මරණ සම්බන්ධයෙන් වගකීම බාර ගනිමිනි.

රෝගීන් මියයෑමත් සමග රෝහල ඉදිරිපිට නොසන්සුන්තාවක් ඇතිවිය. එම පිරිස අතරට ගොස්, ඔවුන්ගෙන් සමාව ඉල්ලා ඔවුන් සන්සුන් කළේ ජෝර්දාන රජතුමා යැයි ද පැවැසෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කළ ජෝර්දාන අග්‍රාමාත්‍ය බයිෂර් අල් කසව්නේ ද පවසා ඇත්තේ තමන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීම බාරගත් බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS