ඔටුන්න හිමි කුමරු නිවාස අඩස්සියට



ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු හම්සා බීන් හුසේන් නිවාස අඩස්සියට ගෙන ඇතැයි බී.බී.සී පුවත් සේවය අද (4) වාර්තා කළේය.

ජොර්දාන ආණ්ඩුවේ නායකයින්ට දූෂණ චෝදනා එල්ල කර කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි ද එම වාර්තා වල සදහන් වෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව සමාජ මාධ්‍යයට වීඩියෝ පටයක් මුදා හරිමින් හම්සා බීන් කුමරු පැවසුවේ, තමා නිවාස අඩස්සියේ පසුවන බවත් , තම මිතුරන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ය.

 ඔහුගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවත් , අන්තර්ජාල හා දුරකතන මාර්ග අවහිර කර ඇති බවත් මෙහි ඇතුළත් ය. නිල තනතුරක් නොලබන හම්සා කුමරු රඳවාගෙන සිටින බව හමුදාව ඊයේ (3) ප්‍රකාශ කර තිබේ.

හම්සා බීන් යනු අභාවප්‍රාප්ත හුසේන් රජුගේ සහ ඔහුගේ අමෙරිකානු බිරිඳ නූර් රැජිනගේ වැඩිමහල් පුත්‍රයා ය.ඔහු ගෝත්‍රික නායකයන්ට සමීප ජනප්‍රිය චරිතයකි.

(අල් ජසීරා)


RECOMMEND POSTS