හජ් වන්දනාවට බැතිමතුන් මිලියන 1.5ක්



මුස්ලිම් බැතිමතුන් මිලියන 1.5 කටඅධිකපිරිසක්වාර්ෂික හජ් වන්දනාව සඳහා පැමිණ සිටින බව වාර්තා වේ.

සුදු පැහැති වස්ත්‍රවලින් සැරසුණු වන්දනාකරුවන් බස් රථවලින් සහ පා ගමනින් මිනාහි කඳවුරු වෙත පැමිණ ඇති අතර, මක්කම මහා පල්ලියේ කාබාව වටා හත් වතාවක් ගමන් කිරීම හෙවත් 'තවාෆ්' චාරිත්‍රය ඉටු කිරීමෙන් අනතුරුවය.

ලොව පුරා සිටින බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මෙවර වන්දනා චාරිත්‍ර පැවැත්වෙන්නේ සෞදි අරාබියට සහ එහි ගල්ෆ් කලාපීය අසල්වැසි රටවල ඉලක්ක වෙත එල්ල වූ ඉරාන ප්‍රහාර රැල්ලකින් අනතුරුවය.

2025 වසරට වඩා වැඩි විදේශීය වන්දනාකරුවන් පිරිසක් මෙවර හජ් වන්දනාවට සහභාගී වීම සඳහා පැමිණ ඇති බව සෞදි නිලධාරීන් සති අන්තයේදී ප්‍රකාශ කළේය.

මෙවර හජ් සමයේ ආරක්ෂාව තහවුරු කිරීමට සෞදි බලධාරීන් සියළු කටයුතු සූදානම් කර තිබේ.

ශුද්ධ වූ නගරය ආසන්නයේ ස්ථානගත කර ඇති නවීන ගුවන් ආරක්ෂක පද්ධතියක් දැක්වෙන වීඩියෝවක් සෞදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS