සෞදිය 14,200ක් අත්අඩංගුවට අරන්



සෞදි අරාබියේ නීතිවිරෝධි ආකාරයෙන් රැදී සිටි පුද්ගලයින් 14,200ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

2026 මාර්තු 26 සහ අප්‍රේල් 01 අතර කාලය තුළ සෞදි අරාබිය තුළ සිදු කරන ලද හදිසි මෙහෙයුම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

නේවාසික නීතිරීති උල්ලංඝනය කළ 7,884 ක්, දේශසීමා නීති උල්ලංඝනය කළ3,948 ක් සහ කම්කරු නීති උල්ලංඝනය කළ 2,410 ක් අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත් වේ.

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් ප්‍රවාහනය කිරීම, නවාතැන් දීම සහ රැකියා සොයාදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS