ස්ලෝවේනියා රජයට එරෙහි කුමන්ත්‍රණයක්

ඊශ්‍රායලයට එරෙහිව ආයුධ තහනමක් පනවන ලද යුරෝපීය රාජ්‍යයක් වන ස්ලෝවේනියාවේ 'ලිබරල් ෆ්‍රීඩම්' රජය, රහසිගත හා දූෂිත කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් මගින් අස්ථාවර කර අවසානයේ බලයෙන් පහ කිරීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම වසර මුලදී පැවැති ස්ලෝවේනියානු මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑම් කිරීම සඳහා ඊශ්‍රායලය (සියොන්වාදී පාර්ශ්ව) වෙනුවෙන් ක්‍රියාකරන 'බ්ලැක් කියුබ්' නම් රහස්‍ය පෞද්ගලික ඔත්තු සේවයක් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබේ.
බ්ලැක් කියුබ් ආයතනයේ බලපෑම් සහ මැදිහත්වීම් හමුවේ වුවද, ලිබරල් ෆ්‍රීඩම් ව්‍යාපාරය මැතිවරණයේදී සිය ප්‍රතිපක්ෂයන්ට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය. එහෙත්, ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් බහුතරයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට එම පාලනය වෙනුවට දක්ෂිණාංශික සන්ධාන ආණ්ඩුවක් බලයට පත්ව ඇත.
මෙලෙස බලයට පත් වූ නව රජය විසින් ගන්නා ලද මුල්ම පසුගාමී පියවරක් ලෙස ඉශ්‍රායලයට පනවා තිබූ ආයුධ තහනම නැවත ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ද අදාළ විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

