සමාජ ජාල ගිණුම්වලින් තර්ජනයක්



ව්‍යාජ සමාජ ජාල ගිණුම් මඟින් ගල්ෆ් කලාපයේ රටවල ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට තර්ජනයක් එල්ල විය හැකි බවට වාර්තා වේ.

ඕමාන් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ආරාධනයකට අනුව, ඕමානයේ සලාලාහි පැවති රැස්වීමකදී ගල්ෆ් පුවත්පත් සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අනතුරු ඇඟවීම කළේ ය.

දැනුවත්භාවය ඉහළ නැංවීම අරමුණු කරගත් වෘත්තීය නීතිරීතිවලට අනුව මාධ්‍යවේදීන්ට සහයෝගය දැක්වීම සහ නිවැරදි තොරතුරු සැපයීමේ අවශ්‍යතාවය මෙම රැස්වීමේදී අවධාරනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට් නුවර)

RECOMMEND POSTS