විශාලතම ටෙනිස් සංකීර්ණය සෞදියේ



සෞදි අරාබිය මැදපෙරදිග කලාපයේ විශාලතම ටෙනිස් ක්‍රීඩා පිටි සංකීර්ණයක් ඉදිකරන බව වාර්තා වේ.

මෙම ටෙනිස් ක්‍රීඩා පිටි සංකීර්ණය ටෙනිස් පිටි 30 කින් සමන්විත මෙම සංකීර්ණයට ආසන 15,000 කින් යුත් ප්‍රධාන පිටියක් වේ.

අවශ්‍ය විටදී විවෘත කළ හැකි පියස්සක් (වහලය)සහිත ක්‍රීඩාගාර දෙකක් සහ සමස්ත සංකීර්ණය පුරා නරඹන්නන් 33,000 කට තරග නැරඹීමේ පහසුකම් ඇතුළත් වේ.

මෙය ජාත්‍යන්තර ටෙනිස් ක්‍රීඩාව, දක්ෂතා වර්ධනය, ප්‍රාදේශීය මට්ටමේ සහභාගීත්වය සහ වසර පුරා ප්‍රජාවට ක්‍රීඩා කිරීම සඳහා සෞදි අරාබිය අනාගත කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන ලෝක මට්ටමේ ක්‍රීඩා සහ විනෝදාස්වාද සන්ධිස්ථානයක් වනු ඇත.

සෞදි අරාබියේ “කිද්දියා“ආයෝජන සමාගම විසින් නවතම “ජාතික ටෙනිස් සංකීර්ණය“ ඉදිකිරීම පිළිබඳව ප්‍රකාශයට පත් කර ඇත.

දැනට ඉදිවෙමින් පවතින මෙම ජාතික ටෙනිස් මධ්‍යස්ථානය කලාපයේ විශාලතම ටෙනිස් සංකීර්ණය බවට පත්වනු ඇත.

රියාද් නුවර සිට කිලෝමීටර් 45ක් බටහිරින් පිහිටි කිද්දියා නගරයේ ආකර්ෂණීය භූමි දර්ශනයඉදිකිරීම් සිදුකරයි. අවට පිහිටි “ටුවයික්“කඳුවැටිය හා මැනවින් මුසුවන පරිදි හරිත මුහුණුවරකින් යුක්තව නිර්මාණය කර ඇත.

මෙහි දෘඩ පෘෂ්ඨ සහිත පිටි 28ක් සහ මැටි පිටි 2ක් වශයෙන් මුළු ටෙනිස් පිටි 30ක් අන්තර්ගත වේ.

‍ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNonline - රියාද් නුවර)

RECOMMEND POSTS