විදේශිකයන් 8,000 ක් පිටුවහල් කරයි



සෞදි අරාබිය විදේශිකයින් 8,000ආසන්න සංඛ්‍යාවක් පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

පසුගිය මාස කිහිපයේ සිදුකරන ලද හදිසි වැටලීම්වලින් නේවාසික, කම්කරු සහ දේශසීමා නීති උල්ලංඝනය කරන්නන් සෞදි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, පසුගිය සතිය තුළ සෞදි අරාබියෙන් විදේශිකයන් 8,000කට ආසන්න පිරිසක් පිටුවහල් කර තිබේ.

2026 ජූනි 4 වනදා සහ ජූනි 10 වනදා අතර කාලය තුළ පුද්ගලයන් 10,700කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවත්, ඉන් පුද්ගලයින් 7,989 දෙනෙකු මෙලෙස පිටුවහල් කළ බව සෞදි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline රියාද් නුවර)

RECOMMEND POSTS