වතුර ටැංකිය කඩාවැටී විශ්වවිද්යාලය යටවෙයි

සෞදි අරාබියේ ජෙඩ්ඩා විශ්වවිද්යාලයට අයත් තාවකාලික ජල ටංකියක් හදිසියේ කඩා වැටීම හේතුවෙන් විශ්ව විද්යාල භූමියේ කොටසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
පෞද්ගලික සමාගමකට අයත් තාවකාලික ජල ටැංකියක් හදිසියේ කඩා වැටී ජලය වේගයෙන් පිටතට ගලා ගෙන ගොස් වාහන කීහිපයකට හානි සිදු වී ඇත.
සෞදි සිවිල් ආරත්ෂක බලකාය පැමිණ අවශ්ය කටයුතු සිදුකර ඇත.
කිසිදු තුවාල ලැබීමක් හෝ ජීවිතක්ෂයට පත්වීමක් වාර්තා වී නොමැති බව සිවිල් ආරක්ෂක අධිකාරිය තහවුරු කළේය.
වාහනවලට සිදුවී ඇති දේපළ හානි පිළිබඳ නිල තක්සේරුවක් දැනට සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.
ජානක ප්රියදර්ශන ජයතිලක
(GDNOnline - ජෙඩ්ඩා නුවර )

