රැකියාවෙන් ඉවත් කළ කළමනාකරු මරලා



ජෝර්දාන ජාතිකයෙකු රැකියාවෙන් ඉවත් කළ කළමනාකරුව වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

අදාල වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලබා ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

දකුණු දිග ජෝර්දානයේ අකාබා නගරයේ කර්මාන්ත ශාලාවක මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වී ඇති අතර, මුහුණ වසාගෙන පරිශ්‍රයට ඇතුළු වී රයිෆලයකින් කළමනාකරුට වෙඩි තබා ඇත.

තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති බවත්, පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් ජෝර්දාන මහජන ආරක්ෂක අධ්‍යක්ෂක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අම්මාන් නුවර)

RECOMMEND POSTS