මඟුල් ගෙදර කෑම විෂ වී 25ක් රෝහලේ

ඊජිප්තුවේ බිල්බෙයිස් හි පැවති විවාහ මංගල්‍යයකට සහභාගී වූවන් 25 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
දේශීය අවන්හලක සකස් කරන ලද ආහාර වේලක් පැමිණි සිටි පිරිස ලබාගැනීමෙන් පසු දරුණු බඩේ වේදනාව, වමනය සහ පාචනය ඇති වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අසල රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
බොහෝ දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර, රෝහලේ ඉතිරිව සිටින අය යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.
අවන්හල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline බිල්බෙයිස් නගරය)

