පැය 72 කින් සාම සාකච්ඡා

ඉදිරි පැය 72 ඇතුළත, ඇමෙරිකාව සහ ඉරානය අතරේ දෙවැනි වටයේ සාම කතා ආරම්භ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකා ඉරාන සාකච්ඡා පැවැත්වෙන්නේ පාකිස්තානයේ මැදිහත් වීමෙනි. එම සාකච්ඡාවල පළමු වටය අප්‍රේල් 9 සහ 10 දෙදින පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්විණි. දෙවැනි වටය සඳහා ද ඉස්ලාමාබාද් අගනුවර සූදානම් බව පාකිස්තානය පවසා ඇත.
මීට ප්‍රතිචාර දක්වමින්, ඉරානය දිගින් දිගටම පවසා ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජන ගර්ජන හමුවේ සාම සාකච්ඡා සඳහා යොමු වීම කිසිසේත් සිදු නොකරන බවය.
බිය ගැන්වීම්වලින් සහ පීඩනයක් එල්ල කිරීමෙන් සාම සාකච්ඡා පැවැත්විය නොහැකි බව ඉරානය ඇමෙරිකාවට අවධාරණය කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය කිසිම අවස්ථාවක විවෘත කරන ද ඉරානය අවධාරණය කර ඇත.
මේ අතර, තමන්ට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකා 34 ක්, ඇමෙරිකන් නාවික අවහිර කිරීමට හොරෙන්, හෝමූස් හරහා යාත්‍රා කළ බවත්, ඒවා ඉරාන වරායවලට සේන්දු වුණු බවත් ඉරාන රජය පවසයි.
ඇමෙරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය එහි පිවිසුමින් අවහිර කර ඇත්තේ, ඉරාන නෞකාවලට පමණක් නොව, වෙන කිසිදු රටක නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධියට පිවිසීමට හෝ එයින් පිටවීමට හෝ නොහැකි ලෙසය.
ඇමෙරිකාව මෙසේ කර ඇත්තේ ඉරානය, ඇමෙරිකන් හිතවාදීන්ට හෝමූස් හරහා යෑමටත් ඒමටත් නොහැකි ලෙස හෝමූස් වසා දැමීම නිසාය.
ට්‍රම්ප් නිරන්තරයෙන් පවසා ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම ඇත්තේ ඇමෙරිකන් නාවික හමුදාව යටතේ බවය. ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් ද ඇමෙරිකන් නාවික හමුදාව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, එම නෞකාවලට පහර දෙමිණි. දැවැන්ත බහාලුම් නෞකා ඇමෙරිකාව අත්අඩංගුවට ගනිද්දී, ඇමෙරිකා නාවික හමුදාවට හොරෙන්, සමුද්‍ර සන්ධිය පසු කර ඇත්තේ ඉරානයට අයත් කුඩා නෞකා 34 ක් යැයි ද පැවැසෙයි.

