ප්‍රංශ ජනපති නැවතී සිටි හෝටලය අසල පිපිරීමක්



සිරියාවේ ඩමැස්කස් අගනුවර, බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බය පුපුරා ගියේ සිරියාවේ නිල සංචාරයක නියැලෙන ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් නවාතැන්ගෙන සිටි හෝටලය අසලය.

බෝම්බය පුපුරා යද්දී, මැක්රොන් එම හෝටලයේ නොසිටි බවත්, ඔහු ඩමැස්කස් අගනුවර සිරියානු ජනාධිපති මන්දිරයේ දී සිරියානු ජනාධිපති අහ්මද් අල් ෂාරා හමුවී සාකච්ඡා පවත්වමින් සිටි බවත් වාර්තා වේ.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ සිරියානු ජනාධිපති අල් ෂාරා අතරේ යහපත් සබඳතා පවතී. අහ්මද් අල් ෂාරා ප්‍රංශයේ නිල සංචාරයක පවා නියැලී ඇත.

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය අවසන් වූයේත්, ඔහු ජනාධිපති ධුරය අත්හැර රුසියාවට පලා ගියේත් 2024 වසර අවසානයේය.

සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් රටේ බලය අත්පත් කර ගැනීමෙන් පසු අල් ෂාරා බලයට පත් විය.  අහ්මද් අල් ෂාරා යනු හිටපු අල් කයිඩා ත්‍රස්ත නායකයෙකි.

ප්‍රංශය අයත් වන්නේ යුරෝපයටය.යුරෝපා රටක නායකයකු ලෙස සිරියාවට ගොස් සිරියානු ජනාධිපති අල් ෂාරා හමුවුණු පළමු ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපති මැක්රොන් බව පැවැසෙයි. සිරියානු ජනපති අල් ෂාරා ප්‍රමුඛ සිරියානු රජයෙන්, ප්‍රංශ ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ප්‍රංශ ජනාධිපති මැක්රොන්, සිරියාවට ගියේ තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන ‘නේටෝ’ සමුළුවට සහභාගී වීමට යන අතරතුරේදීය.


RECOMMEND POSTS