පස්වරු 4 වනතුරු කූඩාරම් තුළ රැඳී සිටින්න



සෞදි අරාබියට පතිත වන අධික සුර්යාලෝකය හේතුවෙන් වන්දනාකරුවන්ට සවස 4.00 වන තෙක් කූඩාරම් තුළ රැඳි සිටින ලෙස සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය දැණුම් දී ඇති බව වාර්තා වේ.

සූර්යාලෝකයට සහ අධික උණුසුමට සෘජුවම නිරාවරණය වීම වැළැක්වීම සඳහා, අරෆා දිනයේදීපස්වරු 4 වන තෙක් තමන්ගේ කූඩාරම් තුළම රැඳී සිටින ලෙසත්, එළිමහනට යාමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය වන්දනාකරුවන්ගෙන් දැඩිව ඉල්ලා සිටීයි.

එමඟින් අධික උෂ්ණත්වය නිසා ඇතිවන තදබල විජලනය සහ හිරු රශ්මිය වැදීමෙන් සිදුවන ආඝාත තත්ත්වයන් වළක්වා ගත හැකිය.

වන්දනාකරුවන් පිටත් කර හැරීම සඳහා වෙන් කර ඇති කාලසටහන්වලට අනුකූල වීමේ වැදගත්කම, නිතිපතා කුඩ භාවිත කිරීම සහ ශරීරයේ දියර මට්ටම නිසි පරිදි පවත්වා ගැනීම සඳහා වැඩිපුර ජලය සහ අනෙකුත් දියර වර්ග පානය කිරීමේ වැදගත්කම අමාත්‍යාංශය මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, කඳු නැගීමෙන් වැළකී සිටින ලෙසත්, වත්පිළිවෙත්වල යෙදෙන අතරතුර ප්‍රමාණවත් පරිදි විවේක ගන්නා ලෙස එහිදී වැඩිදුරටත් උපදෙස් දෙන ලදී.

මෙය උෂ්ණත්වය ආශ්‍රිත රෝගාබාධ වැළඳීමේ අවදානම අඩු කර ගනිමින්, යහපත් සෞඛ්‍යයකින් සහ සැනසිලිදායක මනසකින් යුතුව තම ආගමික වත්පිළිවෙත් ඉටු කිරීමට වන්දනාකරුවන්ට උපකාරී වනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline රියාද් නුවර)

RECOMMEND POSTS