පැය 48 කදී ඊශ්‍රායල ප්‍රහාරවලින් 300 ක් මැරිලා

සටන් විරාසම කොන්දේසිවලට එකඟ වූ බව පැවැසුවත්, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි.
ගතවුණු පැය 48 ඇතුළත, ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 300 ක් බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිදෙව්නයක දැක්වෙයි.
පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තුවාල ලැබූ පලස්තීන වැසියන් ගණන 581 ක් යැයි ද පැවැසෙයි. මොවුන් සියලු දෙනා ආධාර ලබා ගැනීමට පැමිණ සිටි පලස්තීන සිවිල් වැසියන් බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)

