පැය 3 කට මහ ඉහළ පිළිගැනීමක්



පැය තුනකට පමණක්, නිල සංචාරයක් ආරම්භ කරමින්, ඉන්දියාවට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුවන් තොටුපළට පැමිණ සිටීම ද විශේෂත්වයකි. එහිදී අග්‍රාමාත්‍ය මෝදි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් පිළිගනු ලැබුවේ ඔහු වැලඳ ගනිමිනි.


RECOMMEND POSTS