නෙදන්යාහුගේ පක්ෂය මහ මැතිවරණයට සූදානම්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඊශ්‍රායල මහ මැතිවරණය සඳහා පාලක ලිකුත් පක්ෂය ඔවුන්ගේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ අභ්‍යන්තර ප්‍රාථමික මැතිවරණ මේ වනවිට ආරම්භ වී ඇත.
ඊශ්‍රායල දේශපාලනයේ වඩාත්ම උණුසුම් මෙන්ම තරගකාරී දේශපාලන ක්‍රියාවලියක් ලෙස ලිකුඩ් පක්ෂයේ මෙම අභ්‍යන්තර තේරීම් මැතිවරණය සැලකෙයි.
එම මහ මැතිවරණය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ට මෙන්ම ඔහුගේ ලිකුඩ් පක්ෂයට ද අතිශය තීරණාත්මක එකක් වනු ඇති අතර, එම නිසාම පක්ෂ අභ්‍යන්තරයේ පවත්වන මෙම තේරීම් තරගය කෙරෙහි දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කුතුහලයක් සහ අවධානයක් නිර්මාණය වී තිබේ.

