තල්මසුන් ඕමානයට ඇවිත්



ඕමානයේ දකුණු අල් ශර්කියාපළාතේ මසීරා විලායත් මුහුදු ප්‍රදේශයට හම්ප්බැක් තල්මසුන් දෙදෙනෙකු පැමිණ ඇති බව වාර්තා වේ. 

මසීරා විලායත් හි පරිසර මධ්‍යස්ථානයට ඊසාන දෙසින් පිහිටි මුහුදු කලාපයේ හම්ප්බැක් තල්මසුන් දෙදෙනකු සාර්ථකව නිරීක්ෂණය කර ගැනීමට හැකිවතිබේ.

දැනට සිදුවෙමින් පවතින ක්ෂේත්‍ර සමීක්ෂණ සහ පාරිසරික නිරීක්ෂණ අතරතුර මෙම තල්මසුන් දැකගත හැකි වි ඇති අතර, ඔවුන් ඉතා ක්‍රියාශීලීව ආහාර සොයන අවස්ථාවක පසු වේ.

මෙයින් පෙන්නුම් කරන්නේ මෙම භූගෝලීය කලාපයතුළ පවතින ඉහළ ජෛව විද්‍යාත්මක වැදගත්කමයි.

මෙම නිරීක්ෂණය, එම මුහුදු සීමාව තුළ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ හඳුනාගැනීමට සහ ඔවුන්ගේ ස්වාභාවික හැසිරීම් වාර්තා කිරීමට මධ්‍යස්ථානය ගන්නා අඛණ්ඩ උත්සාහයේ කොටසකි.

ඊසානදිග කලාපයේ ඇති සුවිශේෂී ලක්ෂණ නිසා පාරිසරික වශයෙන් ඉතා වැදගත් වේ.

මෙම ජල තීරය තල්මසුන්ට පමණක් නොව මුහුදු කැස්බෑවුන්ටද සාරවත් ආහාර බිමක් වන අතර, එම ප්‍රදේශය ජෛව විවිධත්වය අතින් වැදගත් මධ්‍යස්ථානයක් ලෙස ද සැලකේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට්නුවර)

RECOMMEND POSTS