ගාසාවෙන් සියයට70 ක් අල්ලන්න ඊශ්‍රායලය සැරසෙයි



ගාසා තීරයේ පාලනය සියයට 70 ක් දක්වා වැඩි කිරීම සදහා ඊශ්‍රායල හමුදාවන්ට එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

ඊශ්‍රායලයේ පාලනය පුළුල් කිරීම 2025 ඔක්තෝම්බර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් යුත් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමයේ කොන්දේසිවලට පටහැනි වනු ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

පසුගිය 12 වෙනිදා වන විට ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 72,742 දෙනකු මියගොස් තවත් 172,565 දෙනකු තුවාල ලබා තිබේ. මිය ගිය පුද්ගලයින්ගෙන් 21,283 දෙනෙකුම ළමුන් බව විදෙස් මාධ්‍ය පවසයි.

ගාසා තීරය යනුමැදපෙරදිග කලාපයේ, මධ්‍යධරණී මුහුදු වෙරළට මායිම්ව පිහිටා තිබෙන ඉතා කුඩා දිගටි බිම් තීරුවකි. ලෝකයේ දේශපාලනිකව සහ යුදමය වශයෙන් වඩාත්ම කතාබහට ලක්වන, පලස්තීනුවන්ට අයත් භූමි ප්‍රදේශ දෙකෙන් එකක් වන්නේ මෙයයි. ගාසා තීරය ඊශ්‍රායලයටත් ඊජිප්තුවටත් මායිම් වෙයි. පලස්තීනුවන් වෙසෙන අනෙක් භූමි ප්‍රදේශය වන්නේ බටහිර ඉවුරය.
 


RECOMMEND POSTS