ගාසාවට පහරදීම නවත්වන්න: බ්‍රිතාන්‍ය අගමැති ඊශ්‍රායලයට කියයි



ඊශ්‍රායලය කඩිනමින් සටන් විරාමයකට එකඟ නොවන්නේ නම්, සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී , මහා බ්‍රිතාන්‍යය, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ, කැබිනට් රැස්වීමක් අතරතුරේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගිය ගාසා පලස්තීන වැසියන් ගණන 60,000 පසු කිරීමත් සමඟය. වහා ප්‍රහාර නවත්වන්නැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායලයට අනතුරු ඇගවීමක් කර ඇත.

පලස්තීනුවන් ජීවත් වන්නේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේය. ගාසා තීරය සහ බටහිර ඉවුර ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය. පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීම යනු ගාසා තීරය සහ බටහිර ඉවුර එකිනෙක ඇදීමක් නොවන බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කරමිණි.

මේ වනවිට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද පවසා ඇත්තේ, තමන් එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී , පලස්තීනය රාජ්‍යයක් ලෙස පියවර ගන්නා බවය.


RECOMMEND POSTS