කටාරයේ පියා සමුගනී



අභාවප්‍රාප්ත, කටාර් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස එරට වැසියන්ගේ ගෞරවාදරයට පත් ෂෙයික් හමාද් බින් කලීෆා අල් තානීගේ අවසන් කටයුතු සෝ සුසුම් මැද දෝහා නුවරදී සිදුවිය.

දේහය ආගමික චාරිත්‍රවලට අනුකූලව, දෝහා ඉමාම් මුහම්මද් ඉබින් අබ්ද් අල් වහාබ් මුස්ලිම් පල්ලිය පිහිටි පරිශ්‍රයේදී සිදිවුණු බව පැවැසෙයි.

ෂෙයික් හමාද් බින් කලීෆා අල් තානී, කටාර් එමීර්වරයා ලෙස1995 වසරේ සිට 2013 දක්වා කටාර් රාජ්‍යයට නායකත්ව දුන්නේ එය සමෘද්ධිය කරා මෙහෙයවමිණි. නූතන කටාරයේ පියා ලෙස සැලකෙන්නේ ෂෙයික් හමාද් බින් කලීෆා අල් තානීය.

වර්තමානයේ කටාර් එමීර්වරයා ලෙස කටයුතු කරන්නේ ෂෙයික් හමාද් බින් කලීෆා අල් තානීගේ පුත්‍රයා අමීර් ෂෙයික් හමාද් බින් කලීෆා අල් තානීය.

හමාද් බින් කලීෆා අල් තානීගේ පාලන සමයේ, රටේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සංවර්ධනයක් දක්නට ලැබුණු අතර එය ජාත්‍යන්තර ප්‍රජාව තුළ එහි තත්ත්වය ඉහළ නැංවීමට හේතු විය.

කටාර් රාජ්‍යයේ දේශපාලන බලපෑම අද වන විට උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාව පුරා විහිදී පවතී. 

2022 වසරේ පාපන්දු ලෝක කුසලානය පැවැත්වූයේ ද කටාර් රාජ්‍යයේය. එය කාගේත් පැසැසුමට හේතුවක් විය. පාපන්දු ලෝක කුසලානයක් පැවැත්වීමට අඩිතාලම යෙදුවේ ද ෂෙයික් හමාද් බින් කලීෆා අල් තානී බව පැවැසෙයි.

සිය ධූර කාලය තුළ කටාරයේ ප්‍රථම ස්ථිර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීම සහ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙන්ම අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට අවසර ලැබුණු පළාත් පාලන මැතිවරණ හඳුන්වා දීමද සිදුවිය.

ෂෙයික් හමාද් බින් කලීෆා අල් තානී, 2013 දී තම බලය, පුතු ෂෙයික් තමිම් බින් හමාඩ් අල් තානි වෙත පවරද්දී, ෂෙයික් තමිම් බින් හමාඩ් අල් තානිගේ වයස අවුරුදු 33 කි.

ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතරේ පවතින්නේ ශක්තිමත් සමීප මිත්‍රත්වයකි. ෂෙයික් හමාද් බින් කලීෆා අල් තානීගේ අභාවය වෙනුවෙන් දිනය ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබීම ද විශේෂත්වයකි. ෂෙයික් හමාද් බින් කලීෆා අල් තානීගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශේෂ ශෝක පණිවුඩයක් ද නිකුත් කළේය.


RECOMMEND POSTS