ඕමාන් ඉන්දියා සමුද්‍රීය ආරක්ෂක අවබෝධතා ගිවිසුමක්

ඕමානය සහ ඉන්දියාව අතර සමුද්‍රීය ආරක්ෂක අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.
ඕමාන් සුල්තාන් රාජ්‍යය නියෝජනය කරමින්මස්කට්හි සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානයසමුද්‍රීය ආරක්ෂක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියානු ජනරජය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම අලුත් කිරීම සඳහා අත්සන් තැබීය.
මෙම අවබෝධතා ගිවිසුමට ඕමානය වෙනුවෙන් ඕමාන් රාජකීය නාවික හමුදාවේ අණදෙන නිලධාරී සහ සමුද්‍රීය ආරක්ෂක කමිටුවේ සභාපති, රියර් අද්මිරාල් සයිෆ් නසාර් අල් රහ්බි විසින් ද, ඉන්දියාව වෙනුවෙන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ඉන්දීය ජනරජයේ තානාපති, ගෝදවර්ති වෙන්කට ශ්‍රීනිවාස් විසින් ද අත්සන් තබන ලදී.
සමුද්‍රීය නාවික ගමනාගමනයේ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා සමුද්‍රීය ආරක්ෂක ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ දෙරට අතර ඒකාබද්ධ සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන අරමුණයි.

