ඕමානයේ හෝමුස් යෝජනාව ඉරානය ඉවත දමයි

ඇමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව ඉරාකයට එල්ල කළ ප්‍රහාරයෙන් ඉරානයේ සහාය ලබන පී.එම්.එෆ් සංවිධානයේ සාමාජිකයන් 20ක් මියගොස් තවත් 32ක් තුවාල ලබා ඇති විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉරාකය පුරා පිහිටි පී.එම්.එෆ් ඇතුළු ඉරානයේ සහාය ලබන සංවිධාන ඉලක්ක කරමින් පෙරේදා(28) සහ ඊයේ(29) ඇමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. ඉරාකයට පහර දීමෙන් පසුව එහි සිටින ඇමෙරිකානු ජනතාවට ඉරාන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා කල්පනාකාරී වන ලෙස දන්වමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක්ද නිකුත් කළේය.
ඇමෙරිකාව සහ සෞදිය ඉරාකයට පහර දීමත් සමග ඉරාක අගමැතිවරයා හදිසි රැස්වීමක් කැඳවීමටද කටයුතු කර තිබිණි/
එසේම දින ගණනකට පසුව ඉරානය ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ඊයේ(29) ප්‍රහාරයක් එල්ල කර තිබිණි. ඉරානය එල්ල කළ මිසයිල 5 ක ගුවන් ආරක්ෂණ පද්ධතිය විනාශ කළ බව ජෝර්දානය පැවැසුවේය.
එසේම ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු අතර පසුගියදා පැවැති හමුවේදී ඉරානය කිසිම දිනක න්‍යෂ්ටික අවියක් හිමිකර නොගත යුතු බවට දෙපාර්ශ්වය එකඟතාවක්ද ඇති කරගෙන ඇත.
ඉරානය චීනයෙන් ඇණවුම් කළ උරහිස මත තබාගෙන ක්‍රියාත්මක කළ හැකි ගුවන් ආරක්ෂණ මිසයිල විදිනයන් 400 න් පළමු තොගය ඉදිරි සති කීපයේදී ඉරානයට ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම මිසයිල විදිනයන් 400 මිලදී ගැනීම සඳහා ඉරානය ඇමෙරිකානු ඩොලර් මිලියන 60ත් 70ත් අතර මුදලක් වැයකර තිබෙන බවත් කෙටිදුර ගුවන් ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම සඳහා ඉරානය මෑතකදී වියදම් කළ වැඩිම මුදල මෙය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කෙසේ නමුත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම මාධ්‍ය වාර්තාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර ඉරානය විදේශ කටයුතු අමාත්‍යාංශය පිළිතුරු දීමෙන් වැළකී ඇත.
එසේම හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් ඕමානය ඉරානයට ඉදිරිපත් කළ යෝජනාව සාර්ථකවිමට කිසිම ඉඩක් නොමැති බවත් ඉරානය බොහෝ දුරට එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ඇති බවත් පැවැසෙයි.

