ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක්

ඉස්තාන්බුල් නුවර ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල සිදුවූ වෙඩි හුවමාරුවකින් එක් තුවක්කුකරුවෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
තුර්කි ජනාධිපති රෙජෙප් තයිප් එර්ඩොගන් ප්‍රකාශ කර ඇත්තේ මෙය "නින්දිත ත්‍රස්ත ක්‍රියාවක්" බවය. වෙඩි හුවමාරුව අතරතුර තුර්කි පොලිස් නිලධාරීන් දෙදෙනකුට ද සුළු තුවාල සිදුව ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මුස්තාෆා සිෆ්ට්සි තහවුරු කළේය.
තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ ප්‍රහාරකයින් ඉස්මිට් නගරයේ සිට කුලියට ගත් මෝටර් රථයකින් ඉස්තාන්බුල් වෙත පැමිණ ඇති බවයි. හඳුනාගත් සැකකරුවන් අතර සහෝදරයන් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වේ. මියගිය තුවක්කුකරු යුනුස් ඊ.එස්. ලෙස අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නම් කර ඇත.
මොහු අයි.එස්. සාමාජිකයකු යැයි තුර්කි ආරක්ෂක අංශ අනුමාන කරයි. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැත.

