සීනි නොදුන් බබාලා

ජීවිතයේ මුල් දින 1,000 තුළ, එනම් මවු කුස තුළ සිටින කාලය සහ මුල් වසර දෙක තුළ, අමතර සීනි පරිභෝජනය සීමා කිරීමෙන් අනාගතයේදී මතුවන වයසට යාම ආශ්රිත රෝග රැසකින් ආරක්ෂා වීමට හැකි වී ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පවසති.
කුඩා කාලයේදී සීනි පරිභෝජනය සීමා වූ බබාලා සහ සාමාන්‍ය විදියට සීනි පරිභෝජනය කළ බබාලා අතර වෙනස පැහැදිලිව දකින්න ලැබුණු බවත් පර්යේෂකයෝ පවසති.
දරුවන්ට කුඩා කාලයේ සිටම අධික ලෙස සීනි ලබාදීම පාලනය කර සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු කළොත්, එය ඔවුන්ගේ නිරෝගී දිවියට අතිශය වැදගත් වෙන බව ද වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

