රතු ඇස් ඇති මිනිස් සලඹයා

විද්‍යාත්මකව තහවුරු නොකළ ජනප්‍රවාදවලින් අසන්න ලැබෙන ගුප්ත සතුන් අධ්‍යයනය කරන විද්‍යාව ක්‍රිප්ටෝසූලොජි (Cryptozoology) ය. මෙය සිංහලෙන් ගුප්ත සත්ව විද්‍යාව ලෙස හැඳින්වෙයි.
එසේ ලොව නන්දෙසින් අසන්න ලැබෙන ගුප්ත සතුන් අතර ‘මොත්මෑන්’ ද සිටී. ඇමෙරිකාවේ බටහිර වර්ජිනියා ජනපදයේ පොයින්ට්-ප්ලෙසන්ට් (Point Pleasant) නගරයෙන් 1960 දශකයේ පළමු වරට මේ ‘මොත්මෑන්’ සම්බන්ධයෙන් පුවත් වාර්තා විය.
මිනිස් සිරුරකට සමාන විශාල, විශාල සලඹයකුගේ වැනි පියාපත් සහ අඳුරේ බබළන රතු පැහැති විශාල ඇස් යුගලක් සහිත මෙම සත්වයා දුටු බවට වාර්තා රැසක් පළවෙයි. ඒත්, විද්‍යාත්මකව ඒ බව තහවුරු වී නැත.

