නායක කිම් ජොන් උන් ට්‍රම්ප් නොසලකා හැරලා

චීන සංචාරය අතරතුරේ උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ ගත්තත්, නායක කිම් ජොන් උන් ඒ ගැන කිසිදු තැකීමක් නොකළ බව ඇමෙරිකා මාධ්‍ය අනාවරණය කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වුණු බවත්, ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වූ නායක කිම් ජොන් උන්, තව තවත් සිය න්‍යෂ්ටික ගබඩාව පුළුල් කනරමින් සිටින බව ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කර තිබේ.
චීන සංචාරයට පෙර සිටම ට්‍රම්ප්, කිම් ජොන් උන්ට දුරකතන ඇමතුම් ලබා දීමට උත්සාහ කළත්, නායක කිම් ජොන් උන්ගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වැඩි දුරටත් පවසා ඇත.
ඊට අමතරව, ජනාධිපති ට්‍රම්ප් විසින් කිම් වෙත පෞද්ගලික ලිපියක් යැවීමට පියවර ගෙන ඇති අතර, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උතුරු කොරියානු කාර්යාලය හරහා එය භාර දීමට ධවල මන්දිර නිලධාරීන් කටයුතු කළ බව ද පැවැසෙයි.
කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උතුරු කොරියානු නිලධාරීන් එම ලිපිය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසයි.
ට්‍රම්ප් සිය පළමු ධර කාලයේ දී නායක කිම් ජොන් උන් අවස්ථා කීපයකදී මුහුණට මුහුණ හමුවිය. එම හමුව සැලැසුම් කළේ එවකට දකුණු කොරියානු රජය සහ චීනයයි. කෙසේ නමුත් ට්‍රම්ප් සහ නායක කිම් ජොන් උන් අතරේ පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීම සිදු නොවිණි. එම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කිරීමය.
මේ වනවිට න්‍යෂ්ටික අවි අත්හැරීමට හෝ ට්‍රම්ප් සමග යළි මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට හෝ නායක කිම් ජොන්ගේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වැඩි දුරටත් කියා සිටී.

