සියල්ල මගේම පැතිකඩක් - Everything is a reflection of you



නිකමට හිතලා බලන්න ඔයාට එදිනෙදා ජීවිතයේදී මුණ ගැහෙන විවිධ චරිත ඔයාම නම්. ඒ කියන්නේ ඔයාගෙම වෙනත් චරිතයක් නම්. මේ රීතිය හොයාගත්තේ නම් අපි නෙවෙයි. මේක ලෝකයේ දැනටමත් පවතින රීතියක්. 

මේ Method එකට අනුව තමන්ට ජීවිතයේ මුණගැහෙන විවිධාකාර චරිතයන් තමන්ම බවයි කියන්නේ. ඒ කියන්නේ අපි දැකලා තියනවා පොඩ්ඩ ඇත්තන් කේන්ති ගන්න චරිත, පොඩ්ඩ බැරිවෙච්චගමන් අඬන චරිත, මිනිස්සුන්ට හරියට ඉරිසියා කරන චරිත, හැම වෙලේම හිනාවෙලා සතුටින් ඉන්න චරිත, බොහෝම ආදරනීය චරිත, හරිම ගුප්ත නිහඬ චරිත, සැරපරුෂ චරිත, සාර්ථක චරිත, අසාර්ථක චරිත, බියගුලු චරිත, නිතර අභියෝග එක්කම ගැටෙන චරිත ආදී විවිධාකාර චරිත තමන්ගේම එක් චරිතයක් බවයි මේ method එකෙන් කියන්නේ.

මගේ හතුරා කියන්නෙත් මගේ මිතුරා කියන්නෙත් මගේම චරිතේ එක් කොටසක්. මගේ හස්බන්ඩ් / වයිෆ් කියන්නෙත් මගේ දරුවා කියන්නෙත් මගේම චරිතේ එක් පැතිකඩක්. 

ඔයා කෙනෙක්ව හිනැස්සුවොත් හිනාවෙන්නෙත් ඔයාමයි. කෙනෙක්ව ඇඬෙව්වොත් අඩන්නෙත් ඔයාමයි. කෙනෙක්ට නපුරක් කරොත් ඒ කරගන්නෙත් ඔයාටමයි. 

මේක ගැන ගොඩක් හිතනකොට මොළේ විකාර වෙනවා තමයි. ඒත් මේ තියරියට අනුව හිතුවොත් මේ ලෝකේ ඉන්න හැම මනුස්සයම තමන්ගෙම ප්‍රතිබ්ම්බයක්. ඒ කියන්නේ ඇත්තටම මුළු ලෝකෙටම ඉන්නේ තමන් විතරයි කියන එකද? 

ලියන්නේ - ජයනි සිතාරි


RECOMMEND POSTS