ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමන්න පසුබට නැහැ



දිගට හරහට පහරදී, ඉරානය ලෝක සිතියමෙන් අතුගා දැමීම කෙරෙහි තමන් කල්පනා කරමින් සිටින බවත්, ඉරාන වැසියන් දිගින් දිගටම ‘මුරණ්ඩු’ වන්නේ නම්, එවැන්නක් සිදුවීම වැළැක්විය නොහැකි බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ‘ෆොක්ස් නිවුස්’ පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, තවමත් පැහැදිලි විසඳුමක් නොමැති, ඇමෙරිකා ඉරාන අර්බුදය ගැන අදහස් දක්වමිණි. ‘ඉස්සරහට මොනවා වේවිදැයි මා දන්නේ නැහැ. මට පුරෝකතනය කරන්න බැහැ. ඉරානයේ හැසිරීම හොඳ නැහැ. ඉරානය ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. දිගට හරහට පහරදී, ඉරානය ලෝක සිතියමෙන් අතුගා දැමීම මට සිතෙන්න පුළුවන්. එසේ සිතු​නොත්, එය වළක්වන්න මට බැහැ.’ යැයි ට්‍රම්ප් එම සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රාජ්‍ය නායක සැසිය ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වීමට නියමිතය. මහා මණ්ඩල සැසියට ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් ද සහභාගී වෙයි. මෙෂූඩ් පෙසෙෂ්කියන් යනු ඉරාන ජනාධිපති ධුරයට තේරී පත්වුණු මධ්‍යස්ථමතධාරී ජනාධිපතිවරයෙකි.

ට්‍රම්ප් පවසා ඇත්තේ ඇමෙරිකා ඉරාන අර්බුදය අවසන් කිරීමේ අරමුණින්, සැසිය අතරතුරේ තමන් ඉරාන ජනාධිපතිවරයා හමුවීමට පවා පසුබට නොවන බවය.


RECOMMEND POSTS