ලෙබනන් තානාපති නිරීක්ෂණ චාරිකාවක



ඊශ්‍රායලය සමඟ ඇති කරගත් එකඟතා රාමුවට අනුව ලෙබනන හමුදාවේ පාලනයට අලුතින් පත් වූ දකුණු ලෙබනනයේ ගම්මානයක නිරීක්ෂණ සංචාරයක නිරත වීමට ලෙබනනයේ ඇමෙරිකා තානාපතිවරයා කටයුතු කළේය.

එක්සත් ජනපදයේ සහාය ඇතිව ඉකුත් ජූනි මාසයේදී එළඹි මෙම ගිවිසුම මඟින් දක්වා ඇත්තේ, හිස්බුල්ලා සංවිධානය අවි බිම තැබීමේ කොන්දේසිය මත, නියමු කලාප මුල් කරගනිමින් ලෙබනන හමුදාව ස්ථානගත කිරීමට සමගාමීව ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ අත්පත් කරගෙන සිටි ප්‍රදේශවලින් ඉවත් විය යුතු බවය.

ලෙබනනයේ නිල ජාතික පුවත් ඒජන්සිය වාර්තා කළ පරිදි, එක්සත් ජනපද තානාපති මයිකල් ඉසා ගමන් කළ රථ පෙළ 'සාව්තාර් අල්-ගාර්බියා'  ගම්මානයට ඇතුළු වන අයුරු AFP පුවත් සේවයේ මාධ්‍යවේදියකු නිරීක්ෂණය කර ඇති අතර, තානාපතිවරයා එහිදී ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක ද සංචාරය කර තිබේ.


RECOMMEND POSTS