හූතිලාට ‘රිද්දන්න’ ජනපති ට්‍රම්ප් සූදානම්



දිගින් දිගටම සෞදියට මිසයිලවලින් සහ ඩ්‍රෝනවලින් පහර දෙන ‘හූති’ සටන්කාමීන් ‘මට්ටු කිරීමට’ තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

තමන් (ඇමෙරිකාව) හූති සටන්කාමීන්ට එරෙහිව යුද්ධයක් ආරම්භ කළොත් එය හූති සටන්කාමීන්ගේ අවසානය වනු ඇතැයි ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

යේමනයේ සිවිල් යුද්ධයක් පවතී. ඒ, යේමන රජය සහ ෂියා මුස්ලිම් හූති සටන්කාමීන් අතරේය. යේමන රජය සෞදි හිතවාදීය. සිවිල් යුද්ධයේ දී, සෞදි හමුදාව, හූතිවරුන්ට ගුවන් ප්‍රහාර එල්ල කරයි. සුන්නි මුස්ලිම් සෞදිය සහ ෂියා මුස්ලිම් හූතිවරුන් අතරේ විරසකයක් පවතින්නේ මේ නිසාය.

ඇමෙරිකන් ජනාධිපති ඩොකල්ඩ් ට්‍රම්ප්, සෞදියේත්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේත් සමීප මිතුරෙකි. හූතිවරුන්ගෙන් සෞදියට දිගින් දිගටම එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන්, ට්‍රම්ප් අනතුරු අගවා ඇත්තේ, හූති සටන්කාමීන්ට ‘රිදෙන’ලෙස පිළිතුරු දීමට තමන් සූදානමින් සිටින බවය.

සෞදිය, නේටෝ සාමාජිකයකු වන තුර්කිය සමගත්, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රාජ්‍යයක් වන පාකිස්තානයත් සමග එක් වී ‘මැකා ගිවිසුම’ යනුවෙන් ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා ඇත. එම ගිවිසුම යටතේ සෞදිය පාකිස්තානයෙන් ඉල්ලා ඇත්තේ, හූති සටන්කාමීන්ට එරෙහි සටනට හවුල් වන ලෙසය. පාකිස්තාන රජය එම ඉල්ලීමට එකඟ වී ඇතැයි ද පැවැසෙයි.

 


RECOMMEND POSTS